අළු සහ කදුළු

රු1,890.00

කොල්ලලෙක්ට පුලුවන්ද තමන්ට පණටත් වඩා ආදරේ කරපු කෙල්ලව මෙහෙම අතරමං කරලා දාන්න…💔

ඔයත් අදම මේ ආදරණීය නවකතාව Order කරන්න.

Category: Tags: ,
Extra Features
  • Premium Quality
  • Satisfaction Guarantee
  • Cash on Delivery
  • Money Back Guarantee

පුදුම සහගත දේ ලොව සිදු වුව ද එවන් බොහෝ දේ ගැන අප නොදන්නා නිසාවෙන් ඒ කෙරෙහි පුදුමයක් ඇති කර ගැනීමේ අවස්ථාව මඟ හැරී යයි. ජීවයක් මෙලොවට බිහි වන්නේ ද ජීවයක් මෙලොව හැර යන්නේ ද සොබා දහමේ නියමය අනුවයි. එයට නොයෙක් තර්ක තිබුණ ද සත්‍ය ලෙස ම එවත් බලවත් යමක් අප අවට පවතී. එකිනෙකා නොදැන වුව ද, එකිනෙක බැදුණු සිද්ධීන් තුනක් එක්වර ම එක් නිමේෂයක සිදු වුණි. නාරද ගොත ගසමින් ඉල්ලම් වට්ටිය බිම තබා තිස්ස වෙත දිව ආවේ ය. සෙසු සහායකයින් ද තම අත ඇති දෑ බිම දමමින් මෙතැනට රැස් විය. තිස්ස හාරද අතින් ගත් පාෂාණය හොඳින් සෝදා සූර්ය රශ්මිය වෙත එල්ල කළේ ය. සැබැවිත් ම එය සුපිරිසිදු ගිල් මැණිකක් විය. තොරද තිස්ස ඉදිරියේ දණ ගසාගෙන මහ හඬින් හඬන්නට විය. තිස්සගේ දෑස් ද කඳුළින් තෙත් ව ගියේ ය. තවත් මොවුන් අසරණ ව නොසිටිනු ඇත. පිළිසරණ ඔවුන් සොයා පැමිණ තිබේ. සිනිඳු සුමට රෙදි පිළියෙන් පමණක් නොවේ. පාෂාණයකින් පවා කඳුළු පිස දැමිය හැකි ය.

– සත්සර කසුන් පතිරණ –