අත්තනායක මහතා සිටින අවදානම් තත්වය සලකන විට, ඔහුගේ ජීවිතය බේරා ගැනීම ආශ්චර්යයක් විය යුතුය. නමුත් අන්තිම දශමයේ පවා බලාපොරොත්තු තබාගත යුතුය. මරණයක විඳවීම ඇත්තේ මිය යන්නාට නොව ජීවත් වන්නන්ට ය. තම ස්වාමියාගේ අසාධ්‍ය තත්වය නිසා අත්තායක මහත්මිය ද රෝගී වූවාය. ඇය ද මෙම පෞද්ගලික රෝහලේම රෝහල් කාමරයක නැවතී ප්‍රතිකාර ගනියි. සුලේඛාගේ මව පිළිබඳ සියල්ල සොයා බැලුවේ නිමේෂ් විසිනි. සුලේඛා සිටින්නේ මේ කිසිවක් ගැන සොයා බලන්නට තරම් පියවි සිහියක නොවේ. ඇය තම පියාට දැඩිව ආදරය කළාය. සිදුවූ අනතුරේ බරපතළකම දන්නා නිසාවෙන් සුලේඛා භීතියට පත්ව සිටින්නීය.
– සත්සර කසුන් පතිරණ –
Reviews
There are no reviews yet.