සිහින සහන්‍යාට එකඟ වෙමින් සිනාවක්පෑ වේ ය. ඔහුට ඇය සමඟ කතා කිරීමට බොහෝ දේ නොතිබුණි. ඇයගේ මව ගැන විමසීමට සිතක් පහළ නොවීම පුදුමයට කරුණක් නොවේ. සිහින තම ජීවිතයේ පිළිකුල් කරන එක ම ගැහැනිය වසුන්දරා ය. සහන්යා සුවිසල් මන්දිරයේ උද්‍යානය වෙත සිහිනව කැඳවාගෙන ගියා ය. මනාව සකස් කර නඩත්තු කළ උද්‍යානය නොයෙක් වර්ණිත මලින් පිරි ගොසිනි. ඇයගේ හැසිරීම සැහැල්ලු ය; ප්‍රබෝධමත් ය. සේවක සේවිකාවන් කිහිප දෙනෙකු සමඟ මෙම සුවිසල් මන්දිරයේ ඇය තනිව වෙසෙතැයි සිහින සිතුවේ ය.
– සත්සර කසුන් පතිරණ –
Lakmini Karunarathna –
මල්ලි ඔයාගෙ නිර්මාණ කෙනෙකු වැඩ නිසා මහන්සියෙන් මානසික පීඩනය වී සිටින ව්ටෙක එයින් මිදෙන්න භාවනාවක් වගේ කියවන්න පුලුවන් ඇත්තටම.❤❤❤